Sinhala (Sri Lanka)

 

commissioner

එම්.ආර්.වසන්ත කුමාර ගුණසේකර මයා

සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්

අන්තර්ගත දැකුම් වැදුම් : 98443
March 2023
S M T W T F S
26 27 28 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

  • සමුපකාර සමිති, සංගම් ලියාපදිංචි කිරීම.
  • ලියාපදිංචි කිරීමෙන් පසු පැවරෙන ව්‍යවස්ථාපිත පරිපාලන කටයුතුවල නිරතවීම.
  • රේඛීය සමූපකාර දෙපාර්තමේන්තුව, පළාත් සමූපකාර දෙපාර්තමේන්තු හා සම්බන්ධ වෙමින් ජාතික ප්‍රතිපත්තියක් තුළ සමූපකාර සංවර්ධන කටයුතු මෙහෙයවීම හා ජාතික සමූපකාර සංවර්ධන ක්‍රියාදාමයට හවුල්වීම.
  • වයඹ පළාත් සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම
  • වයඹ පළාත තුල ඒකාබද්ධ ගැණුම් ක්‍රමය ක්‍රියාත්මක කිරීම.



ව්‍යවස්ථාපිත කාර්යයන්

 

 

  • සමුපකාර සමිති හා සංගම් සංවිධානය කිරීම, ලියාපදිංචි කිරීම, ඒකාබද්ධ කිරීම.
  • අතුරු ව්‍යවස්ථා සංශෝධන හා/හෝ අතුරු ව්‍යවස්ථා පරිච්චින්න කර නව අතුරු ව්‍යවස්ථා අනුමත කිරීම.
  • සමුපකාර සමිති හා සංගම්වල වාර්ෂික විගණන කටයුතු.
  • සමුපකාර සමිති සම්බන්ධව පරීක්ෂණ හා විභාග පැවැත්වීම.
  • සමුපකාර සමිතිවල ආරවුල් බේරුම් කිරීම.
  • තීරක ප්‍රදානයන් උසාවි මගින් බල ගැන්වීම.
  • සමුපකාර සමිතිවල කාර්ය මණ්ඩල සංඛ්‍යා හා තනතුරු ශ්‍රේණි නියම කිරීම.
  • සමුපකාර සමිතිවල ස්ථාවර වත්කම් මිලදී ගැනීම හා බැහැර කිරීම සඳහා අනුමැතිය ලබාදීම.
  • අවශ්‍ය අවස්ථාවන්වලදී සමුපකාර සමිතිවල ලියාපදිංචිය අවලංගු කිරීම හා ඈවර කිරීම.
  • සමුපකාර සංවර්ධන අරමුදල, අතිරික්ත අරමුදල හා වෙනත් අරමුදල් කළමනාකරණය හා පාලනය.
  • සමුපකාර සමිති පනත හා රීති මාලාවෙන් පැවරෙන අනිකුත් ව්‍යවස්ථාපිත කටයුතු.
  • සමුපකාර පනත, රීති හා සමිතිවල අතුරු ව්‍යවස්ථාවලින් බලය පැවරෙන වෙනත් කාර්යයන්


සම්බන්ධීකරණ කාර්යයන්

 

 

  • සමුපකාර අමාත්‍යංශය හා අදාළ වෙනත් ආයතන සමඟ එක්ව සමුපකාර පිළිබඳ පළාත් ප්‍රතිපත්ති, වැඩසටහන්, නෛතික රාමුව හා පරිපාලන පටිපාටින් සම්පාදනය කිරීම හා සංවර්ධනය.
  • පළාත් සමුපකාර අමාත්‍යංශය හා දෙපාර්තමේන්තු සමඟ සම්බන්ධීකරණය හා ඒ සඳහා රේඛීය සමුපකාර අමාත්‍යංශයට සහාය වීම.
  • රාජ්‍ය ප්‍රතිපත්තීන් හා වැඩසටහන් සමඟ සමුපකාර ව්‍යාපාරය සම්බන්ධීකරණය කිරීම.
  • සමුපකාර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර හා දේශීය ආයතනවල නියෝජනය සඳහා වන අවශ්‍යතා සපුරාලීම.


සංවර්ධන කාර්යයන්

 

  • සමුපකාර සමිතිවල යහ පාලනය සහතික කිරීම සඳහා අදාළ කටයුතු.
  • සමුපකාර සමිතිවල සංවර්ධනය සඳහා අවශ්‍යවන උපදේශක සේවා සැපයීම.
  • සමුපකාර සමිතිවල මුල්‍ය හා මෙහෙයුම් ක්‍රියාකාරකම් අධීක්ෂණය හා අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීම.
  • සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම.
  • සමුපකාර ක්‍ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය සඳහා සානුබලය සැපයීම
  • පළාත් හා ප්‍රාදේශීය වශයෙන් සමූපකාර සංවර්ධනය සඳහා වන වැඩසටහන් හදුනා ගැනීම, ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආධාර හා සානුබල සැපයීම හා සම්බන්ධීකරණය.

 

 

සේවාවන්

  1. සමුපකාර සමිති සංවිධානය හා සංස්ථාපනය සම්භන්ධ කටයුතු කිරීම.
  2. සමුපකාර සමිති විගණනය.
  3. සමුපකාර සමිති පිළිබඳ පරීක්ෂණ හා විභාග.
  4. ආරවුල් බේරුම්කරණය හා අභියාචනා විභාග පැවැත්වීම.
  5. තීරක ප්‍රදානයන් අධීකරණය මගින් බලගැන්වීම'
  6. කළමනාකරණය හා මානව සම්පත් සංවර්ධනය.
  7. සමුපකාර සමිතිවලට මූල්‍යාධාර හා වෙනත් ආධාර සැපයීමේ සේවා.
  8. සංඛ්‍යාන හා වෙනත් තොරතුරු සේවා.
  9. ජාතික සංවර්ධන හා සුභසාධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
  10. ප්‍රවර්ධන ව්‍යාප්ති හා ප්‍රචාරණ සේවා'
  11. සම්බන්ධීකරණ සේවා.

පළාත් සමුපකාර අමාත්‍යංශය හා දෙපාර්තමේන්තු අතරත්, සමුපකාර අමාත්‍යංශය හා වෙනත් ආයතන අතරත්, රාජ්‍ය ප්‍රතිපත්ති  හා වැඩසටහන් සමග සමුපකාර ව්‍යාපාරයත්, සමුපකාර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර හා දේශීය ආයතනවල නියෝජනය සඳහාත් කටයුතු කිරීම.