Sinhala (Sri Lanka)

 

commissioner

එම්.ආර්.වසන්ත කුමාර ගුණසේකර මයා

සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්

අන්තර්ගත දැකුම් වැදුම් : 110606
March 2024
S M T W T F S
25 26 27 28 29 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

වයඹ පළාත් සමුපකාර සමිති වල සේවය කරනු ලබන 6000ක පමණ සේවක පිරිසකගේ විශ්‍රාම දිවිය අර්ථවත් කිරීම  හා එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල අනාගත සුභසිද්ධිය උදෙසා ආරම්භ කරන ලද සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ ප්‍රඥප්තිය වයඹ පළාත් සභාව මගින්  2008.07.15 දිනැතිව අනුමත කරන ලදුව  වයඹ ගරු ආණ්ඩුකාරතුමා විසින් 2008.07.28 දින අනුමත කරන ලදී.  මෙම ප්‍රඥප්තිය 2008.08.08 දිනැතිව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1561/27 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත.  මෙම ප්‍රඥප්තියේ 24 වගන්තිය යටතේ පනවා ඇති නියෝග2009.05.14 දිනැති අංක  1601/24 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

 

මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වීම,

වයඹ සමුපකාර සේවක කොමිෂන් සභාව මගින් අනුමත කරන ලද තනතුරක් දරන වයස අවුරුදු 18 නොඅඩු හා වයස අවුරුදු 60 ට  නොවැඩි අයකු.


ප්‍රධාන දායක මුදල් ලැබීම්.

 

  • මාසිකව දායකයාගේ ඒකාබද්ධ වැටුපෙන් 5% ක්
  • යෝජනා ක්‍රමයට දායක වීමේදී එක් සේවකයෙකු වෙනුවෙන් සමිතිය විසින් එක් වරක් පමණක් ගෙවිය යුතු රු 5000/- (පන්දහසක) දායකය
  • සමිතියේ දායකයකය ලෙස මාසිකව සේවකයාගේ ඒකාබද්ධ වැටුපෙන් 2.5% ක්

 

පාලන සංයුතිය

අධ්‍යක්‍ෂ                - තත්කාලයේ වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා වේ.


අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදීමට උපදේශක කාරක සභාව

ගරු සභාපති - වයඹ පළාත් සභාවේ සමුපකාර විෂයභාර අමාත්‍යංශයේ ලේකම්‍


සාමාජිකයින්

  • වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය කලමනාකරණ)
  • කම්කරු කොමසාරිස් ජනරාල් වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන එම දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියෙකු
  • වයඹ පළාත් සභාවේ සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම්
  • සී/ස වයඹ සමුපකාර ග්‍රාමීය බැංකු සංගමයේ ගරු සභාපති
  • වසර පහකට නොඅඩු සේවා පලපුරුද්දක් සහිත වයඹ පළාතේ සමුපකාර සමිතියක සභාපති වරයෙකු
  • වසර 20 ට නොඅඩු සේවා පලපුරුද්දක් සහිත සේවයේ නියුතු හෝ විශ්‍රාමික සමුපකාර සේවකයෙකු

  • විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයේ අධ්‍යක්‍ෂවරයා උපදේශක කාරක සභාවේ ලේකම්වරයා ද වේ

සාමාන්‍ය තොරතුරු

දායකයින් 5100 ක් පමණ වේ

විශ්‍රාමිකයින් 900 ක් පමණ වේ

විශ්‍රාම වැටුප් සඳහා සාමාන්‍ය මාසික වියදම රු ලක්‍ෂ 48 ක්

විශ්‍රාම වැටුප  දායකයා අවසන් වරට ලැබූ මූලික වැටුපින් 40% සිට 80% දක්වා

 

කාර්යමණ්ඩලය

 

ප්‍රඥප්තියේ 3V වගන්තිය හා නියෝග මාලාවේ 30 වන නියෝගයට අනුව තත්කාලයේ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු කාර්යමණ්ඩලයෙන් සමන්විත වේ.

 

ලිපිනය

සමුපකාර සේවක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය(වයඹ පළාත)

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

පළමු මහල

පළාත් සභා කාර්යාල සංකීර්ණය

කුරුණෑගල

දුරකථන 037 2233826

ෆැක්ස්    037 2233826