ලිපි සුචිය |
---|
Coop Fund |
coop fund |
සියළුම පිටු |
972 අංක 5 දරන සමුපකාර සමිති පනතේ 43 (අ) වගන්තියේ සඳහන් පරිදි, එකී පනතේ 61 වගන්තිය යටතේ පනවා ඇති 1974/1/10 දිනැති අංක 95/05 රීති ගැසට් පත්‍රයේ 43 I වගන්තියට අනුව පහත සඳහන් කරුණු සඳහා මෙම අරමුදල භාවිතා කල හැකිය.
I. සමුපකාර අධ්‍යාපනය, ව්‍යාප්ති හා ප්‍රචාරක වැඩ II. සමුපකාර සමිතියක කළමනාකරණ කාර්යක්ෂමතා දියුණු කිරීම. III. සමුපකාර සමිතිවලට උපකාර කිරීම.
රීති 43 II වගන්තියට අනුව වාර්ෂිකව සමුපකාර සමිතියක ශුද්ධ ලාභයෙන් 10% වැඩි නොවන මුදලක් හා රු.5/= අඩු නොවන මුදලක් සමුපකාර අරමුදලට දායක මුදල් ලෙස ගෙවිය යුතු වන අතර, එමඟින් මෙම අරමුදල පෝෂණය වේ. එමෙන්ම මෙම අරමුදලේ කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා ව්‍යවස්ථාවක් පිළියල කර පළාත් අමාත්‍යතුමා විසින් අනුමත කරගෙන ඇති අතර, එහි පාලනය සඳහා එකි ව්‍යවස්ථාවේ අංක 05 අනුව කමිටුවක් පත්කර ඇත. එකී කමිටුව 05 දෙනෙකුගෙන් සමන්විත වේ. සමුපකාර අරමුදල් කමිටුවේ සභාපති ලෙස සමුපකාර කොමසාරිස් හා රෙජිස්ට්‍රාර් (වයඹ), සමුපකාර අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පත්කරනු ලබන අමාත්‍යාංශයෙන් නියෝජිතයෙකු ද, සමුපකාර සමිති නියෝජනය සඳහා අයෙකු, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විගණන අංශය භාරව කටයුතු කරනු ලබන නිලධාරියෙකු, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලයේ පරිපාලන නිලධාරි හෝ මූල්‍ය සහකාර පත් කරගෙන ඇති අතර, මේ සඳහා ලේකම්වරයෙකු ද පත් කරගෙන ඇත.
I. සමුපකාර අධ්‍යාපනය, ව්‍යාප්ති හා ප්‍රචාරක වැඩ කටයුතු
සමුපකාර දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සැළසුම් කරන ලද අධ්‍යාපන කටයුතු සමුපකාර දෙපාර්තමේන්තුව කුරුණෑගල, කුලියාපිටිය හා හලාවත සහකාර කොමසාරිස් කාර්යාල තුන හා කුරුණෑගල, කුලියාපිටිය හා හලාවත සමුපකාර දිස්ත්‍රික් මණ්ඩලයන් හා ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි. එමඟින් සමුපකාර නායකයින්, සාමාජිකයින් හා සමුපකාර සමිතිවල කාර්ය මණ්ඩලවල දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය සඳහා කටයුතු කෙරේ. මේ සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැය කර ඇති අතර, සමුපකාර අධ්‍යාපන කටයුතු සංවර්ධනය සඳහා කටයුතු කරන දිස්ත්‍රික් මණ්ඩලවල වැටුප් වියදම සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 13.7 ක මුදලක් එකී මණ්ඩලවලට ආධාර වශයෙන් ලබා දෙයි. මෙම වැටුප් වියදම් ලබා දිම වසර 10 ක පමණ සිට කරනු ලබයි. සමුපකාර අධ්‍යාපනය සඳහා දේශීය මෙන්ම විදේශීය අත්දැකිම් හුවමාරු කර ගැනීම සඳහා ද සමුපකාර සමිතිවල කාර්ය මණ්ඩලවල, නායකයින් හා දෙපාර්තමේන්තු නිලධාරින් සහභාගි කර වීමටත් එකි අවස්ථාවල දි වියදම් දැරීමටත් කටයුතු කර ඇත.
|