Sinhala (Sri Lanka)
අන්තර්ගත දැකුම් වැදුම් : 41479
October 2019
S M T W T F S
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2
ලිපි සුචිය
Coop Fund
coop fund
සියළුම පිටු

 

II ණය ලබා දීම (සමුපකාර සමිතිවල කළමනාකරණ කාර්යක්ෂමතා දියුණු කිරීම)

මේ අනුව මෙම අරමුදල මඟින් 2014/09/30 දින වන විට සමුපකාර සමිතිවලට සාමාජිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම හා මූල්‍ය දුෂ්කරතා සඳහා ණය ලබාදිම හා මූල්‍ය අවශ්‍යතා සඳහා ණය වශයෙන් ලබා දී ඇති ප්‍රමාණයේ ශේෂය රුපියල් මිලියන 130.30 ක් වේ. 2012 වසරේ මිලියන 55.7 ක් ද, 2013 වසරේ මිලියන 45.4 ක් ද, 2014 වසරේ මිලියන 22.9 ක්ද,ණය වශයෙන් ලබා දි ඇත.

සමුපකාර සමිතිවල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සඳහා උනන්දු කරවීම සඳහා සමුපකාර කාර්ය සාධන තරඟාවලියක් 2013 හා 2014 වර්ෂයේ පැවැත්විමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා සියලු වැය කිරීම් සමුපකාර අරමුදලින් සිදු කර ඇත.

සමුපකාර සමිතිවලට උපකාර කිරීම

සමුපකාර සමිතිවල සේවය කරනු ලබන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය වෙත ලබාදි ඇති පරිත්‍යාග වටිනාකම මිලියන 51 වන අතර, වාර්ෂකව එකී අරමුදලට පරිත්‍යාග ලෙස අවම මිලියන 10 ක ප්‍රමාණයක් ලබා දිමට සමුපකාර අරමුදල් කමිටුව තීරණය කර ඇත.

මීට අමතරව වාර්ෂිකව සමුපකාර සාමාජිකයින්ගේ හා දූ දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කර ගැනීම සඳහාත් ඔවුන්ගේ දැනුම හා ආකල්ප සංවර්ධනය තුලින් සමාජ ජීවිතය යහපත් කර ගැනිම උදෙසා සමුපකාර සමිතිවල පුස්තකාල පහසුකම් ඇතිකර ගැනිම සඳහා 2012 වසරේ රුපියල් මිලියන 0.77 ක්ද, 2013 වසරේ රුපියල් මිලියන 0.75 ක්ද, 2014 වසරේ රුපියල් මිලියන 1.25 ක්ද, ආධාර ලෙස සමිති 96 ක් සඳහා ලබා දි ඇත.

සමුපකාර සංවර්ධන අරමුදල සතු වත්කම්

වයඹ සමුපකාර සංවර්ධන අරමුදල සතුව වයඹ පළාතේ සාමාජික ප්‍රජාව සඳහා පරිහරණය කිරීමේ අරමුණ වෙනුවෙන් රුපියල් මිලියන 40 පමණ මුදලක් වැය කර කුරුණෑගල රජපිහිල්ල පාරේ දෙමහල් වර්ග අඩි 4000 පමණ ඉඩකඩ සහිත ගොඩනැඟිල්ලක් මිලදී ගෙන ඇත. එහි බිම්මහලේ හා පළමු මහලේ දැනට කුරුණෑගල සහකාර කොමසාරිස් කාර්යාලය පවත්වාගෙන යනු ලබන අතර, තෙවැනි මහලේද 200 පමණ පිරිසකට ඉඩ පහසුකම් පවතින රැස්වීම් ශාලාවත් ඇත.

ඒ අනුව සමුපකාර සංවර්ධන අරමුදල වයඹ පළාතේ සමුපකාර සමිතිවල ප්‍රගමනය සඳහා ඉමහත් සේවාවක් සිදු කරනු ලබන බවද සඳහන් කරන්නෙමු.